Once Upon a Time TV Series



ඔන්න ඉතින් අදත් ලස්සන කතා මාලාවකුත් අරගෙන ආව ඔයාලව හම්බවෙන්න. ඔයාල ගොඩ දෙනෙක් දන්න සුරංගනා කතාවක්නෙ Snow White කියන්නෙ. ඉතිං අද අපි අරගෙන ආපු කතා මාලාවත් නිර්මාණය වෙලා තියෙන්නෙ මේ Snow White කතා මාලාව මුල් කරගෙන තමයි. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2011 වර්ශයේදීයි. IMDB Rating වල 7.9 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Adventure, Fantasy, Romance කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. 

එහෙනම් ඉතින් හැමදාම වගේ ඔයාලට කතාව ගැන පොඩි විස්තරයකුත් කරන්නම්කො. මේ කතා මාලාවෙ අපිට ඉන්නෙ කතා නායිකාවක්. ඇය Emma Swan. මම ඔයාලට කලින්ම කිවුවනෙ මේ කතා මාලාව Snow White කතාව මුල් කරගෙන නිර්මාණය වුන එකක් කියල. මේ Emma Swan කියන්නෙ Snow White සහ Prince Charming දෙන්නගෙ දියනිය. නමුත් ඇය ඒක දන්නෙ නෑ. හේතුව මායාකාර රැජිනක් කරන ශාපයකින් ඇයව බේරාගන්න ඇයගෙ දෙමවුපියන් Emma ව ගමෙන් පිටත් කර හරිනව.  මේ ගැන දන්න එකම එක්කෙනයි ඉන්නෙ. එයා තමයි Henry කියන වයස අවුරුදු දහයක පුංචි ලමය. 

දවසක් මේ Henry එනව Emma ව හොයාගෙන. Henry ඇවිල්ල කියන කතාව හරිම පුදුම හිතෙන කතාවක්. එයා කියනව Emma කියන්නෙ එයාගෙ අම්ම කියල. ඒ කතාව ඇත්තක් තමයි. නමුත් Emma මේ ගැන මොනවත් දන්නෙ නැති නිසා ඇය මේ කතාව ඇහුවම පුදුම වෙනව. කොහොම වුනත් මේ කතාවෙ ඇත්ත නැත්ත හොයාගන්න එමාට වුවමනා වෙනව. ඉතිං Emma යනව Henry ත් එක්ක ඔහුගෙ ගමට. Henry ලග තියෙනව එක්තරා කතන්දර පොතක්. මේ පොතේ තියෙන දේවල් ඇත්ත වෙනව. මේ පොතේ තමයි Emma ගැන හැමදෙයක්ම සදහන් වෙලා තියෙන්නෙ. කොහොම නමුත් Emma මුලින්ම Henry ව විශ්වාස නොකලත් පසුව සිදු වෙන දේවලුත් එක්ක Emma ට Henry ව විශ්වාස කරන්න සිදු වෙනව. 

Snow White කතාව වගේම මේ කතා මාලාවෙත් නපුරු මායාකාරියක් ඉන්නව. Emma ට සටන් කිරීමට සිදු වෙන්නෙ මේ මායාකාරියත් එක්ක තමයි. ඉතිං කතාවෙ මුල ඉදන්ම විවිධාකාර මායා ක්‍රියාකාරකම් වලින් පිරිල තියෙනව. බලන්න බලන්න ආස හිතෙන කතා මාලාවක් තමයි මේ කතා මාලාව. අනික ඔයාල Snow White කතාවට කැමති කෙනෙක් නම් මේ කතා මාලාව අනිවාර්යෙන්ම බලන්න ඕනෙ.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work